වාහන අනතුරු අවම කර ගැනීමට උපක්‍රම
ඔබ දන්නවාද ? දවසකට ලංකාවේ 10 දෙනෙකු පමණ මාර්ග අනතුරු වලින් මියයන බව (Source – WHO)
රිය අනතුරකට ලක්වීම කියන්නේ නොසිතූ මොහොතක ක්ෂණිකව සිදුවිය හැකි දෙයක්. වාහන අනතුරක් නිසා ජීවිත හා දේපල හානි වගේ නොයෙකුත් ප්‍රශ්න සහ අතුරුඵල උදාවෙන්න පුලුවන්. රිය අනතුරු වැළැක්වීම සඳහා ඔබට කළ හැකි යමක් තිබෙනවද? අපි මේ ඔබ වෙත ගෙන එන උපදෙස්/උපක්‍රම මඟින් 100%ක් රිය අනතුරු වළක්වාගත නොහැකි නමුත් බොහෝ විට නොසැලකිලිමත්කම නිසා හෝ නොදැනුවත්කම නිසා සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට ඔබට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරමු.
- මාර්ග නීති
මෙය ඉතාමත් සරල ඍජු උපදේශයක් නමුත් ඉතාමත් වැදගත් දෙයක්, මාර්ග වල සිදුවෙන අනතුරු බොහෝමයකට හේතුව මාර්ග නීති නොපිලිපැදීම. ඉතාම සරල නීති වන පාරේ ඉරි කැපීම මගින් උනත් ඉතා බරපතල මාරක අනතුරු වෙනව අපි දැකල තියනවා, ඉතින් මාර්ග නීති පිලිපැදිය යුත්තේ ඔබේ ආරක්ෂාවටකියන එක ඉතා පැහැදිලියි.
මාර්ගයේ තනි ඉර හෝ දිවිත්ව ඉර මාර්ගයේ නොපෙනෙන ලොකු වංගුවක දමා ඇත්තේ වාහනයක් ඉස්සර කිරීමේදී සිදුවන අනතුරක් වලක්වා ගැනීමටයි
- අවධානය වෙනතකට යොමු කිරීම
‘අවධානය වෙනතකට යොමු කිරීම’ නිසා අපි හිතනවාට වඩා වැඩි අනතුරු සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඔබේ අවධානය වෙනතකට යොමු කරන ඕනෑම දෙයක් මීට ඇතුළත් වෙනවා. ජංගම දුරකථන, මැසේජ් කිරීම, වාහනයේ රේඩියෝ එක වෙනස් කිරීම සහ දුරකථනයෙන් කතා කිරීම වැනි සියලු ක්‍රියාවන් සමඟ අප නිරන්තරයෙන් අවධානය වෙනතකට යොමු කරනවා. තවත් අවධානය වෙනතකට යොමු කිරීම් කිහිපයක් නම්, ආහාර ගැනීම, පසුපස අසුනේ ගමන් කරන අයට උපකාර කිරීම, වටපිට නරඹමින් ගමන් කිරීම සහ බිම වැටී ඇති දෑ අහුලා ගැනීමයි.
ඔබ මාර්ගයෙන් ඇස් ඉවතට ගන්න තත්පරයකදී විශාල අනතුරක් නොසිතූ විදිහට වෙන්න ඉඩකඩ තියෙනවා. ඔබට අත්‍යාවශම දෙයක් කිරීමට අත්නම් වාහනය නවතවා කිරීම තමයි ගොඩක්ම සුදුසු වෙන්නේ.
පහත රූපයෙන් දැක්වෙන්නේ මැසේජ් කරද්දි සිද්ද උන අනතුරක ෆොටෝ එකක්.
- වේගය
මාර්ගවල වේග සීමා සලකුණු කිරීමට හේතුවක් තිබෙනවා. එම මාර්ගයේ ගමන් කිරීම සඳහා ආරක්ෂිතම වේගය පිළිබඳව ඔබට දැනුම් දීමේ ක්‍රමවේදය එයයි. මෙය දැඩි වාහන තදබදය, තියුණු වංගු, පැතලි නොවූ මාර්ගය සහ තවත් බොහෝ සාධක නිසා වෙන්න පුලුවන්. ඔබේ රිය පැදවීමේ වේගය වැඩි වන විට රිය අනතුරක් වළක්වා ගැනීමට අවශ්‍ය ප්‍රතික්‍රියා කාලයත් වැඩි වනවා. වෙනත් ආකාරයකට කියනවා නම් ඔබේ මෝටර් රථය නවත්වා ගැනීමට ඔබට වැඩි කාලයක් ගතවෙනවා.
වේගය කියන්නේ ඇත්තටම අත්‍යාවශ්‍ය දෙයක් නෙවේ, ගොඩක් වෙලාවට 100KMPH වගේ අධික වේගයෙන් යෑම සහ 70KMPH පමණ වේගයකින් යෑම අතර ඔබ ගමනාන්තයට ලඟා වීමේ කාලයේ ලොකු වෙනසක් නෑ, ඒ නිසා මේ තරම් අනතුරුදායක ලෙස ගමන් කර ඔබට ලැබෙන්නේ ඔබගේ මුලු ජීවිතේටම රිස්ක් එකක් විතරයි.
ඒ වගේම වේගය වැඩි වෙනවාත් එක්කම අනතුරකදී වෙන්න පුලුවන් හානිය දැක්කොත් ඔබ පුදුම වෙයි. පහත පින්තූරයෙන් ඒ ගැන අදහසක් ඔබට ගන්න පුළුවන්.
- බීමතින්/මත්ද්‍රව්‍යවල බලපෑම යටතේ රිය පැදවීම
ඔබ මත්පැන් පානය කරන විට නිසි ලෙස අවධානය යොමු කිරීමේ හා ක්‍රියා කිරීමේ හැකියාව ඔබට අහිමි වනවා. වාහනයක් ධාවනය කිරීමේදී මෙය අතිශයින්ම භයානක දෙයක්. බීමත් රියැදුරන් නීතියට හසු කර ගත හැකි වුවත්, ඔවුන් නිසා නිතරම අනතුරු සිදු වෙනවා. ඔබ මත්පැන් පානය කිරීමට අදහස් කරන්නේ නම් වෙනත් රියදුරෙකු සපයන සේවාවක් හෝ ටැක්සි සේවාවක් භාවිතා කරන්න.
බිමත් වූවාට පසු මොළේ ක්‍රියාකාරීවය උදාසීන වෙන එක විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු කරපු දෙයක් – Source – US National institute Of Drug Abuse
දුර්වල තීරණ ගැනීමට සහ දුර්වල පාලනයක් ඇති කළ හැකි එකම ද්‍රව්‍යය මත්පැන් නොවේ. එහෙත් නීත්‍යානුකූල හා නීති විරෝධී මත්ද්‍රව්‍ය/සැර ඖෂධ වර්ග මඟින් රියදුරෙකු ලෙස පූර්ණ ලෙස ක්‍රියා කිරීමේ හැකියාව අඩපණ කළ හැකියි. ඔබේ මනස පැහැදිලි නැතිනම් සහ ඔබේ ශරීරයේද පූර්ණ පාලනයක් ඔබට නොමැති නම් වාහනයක් ධාවනය කිරීම බරපතල රිය අනතුරු වලට තුඩු දිය හැකියි.
- නොසැලකිලිමත් ලෙස රිය පැදවීම
ඔබ පරිස්සමින් රිය පදවන්නේ නැතිනම් අනවශ්‍ය මෝටර් රථ අනතුරුවලට ලක්විය හැකියි. වේගයෙන් ගමන් කරන, මංතීරු ඉක්මනින් වෙනස් කරන, හැරවුම් සංඥා භාවිතා කිරීමට අමතක කරන හෝ ඉදිරියෙන් ඇති වාහනේකට ඉතා ලඟින් ගමන් කිරීම (ටේල්ගේට්) කරන (අංක 12 බලන්න) නොසැලකිලිමත් රියදුරන්ට බොහෝ විට සිදු වන්නේ මෙයයි. නොසැලකිලිමත් රියදුරන් බොහෝ විට තමුන්ගේ වාහනය හෝ අනුන්ගේ වාහනය කිසිඳු තැකීමක් නොකරන බැවින්, එවැනි රියදුරන් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමට වග බලා ගන්න.
- වැස්ස
කාලගුණික තත්ත්වයන් මෝටර් රථ අනතුරු සඳහා ප්‍රධාන සාධකයක්. ඔබ ජීවත් වන ප්‍රදේශය කුමක් වුවත් වර්ෂාව වාහන අනතුරු සඳහා වඩාත් පොදු හේතුවක් වන අතර අමතර අවධානයක් යොමු කිරීම හා ප්‍රවේශම් වීම වැදගත්. මෝටර් රථ, ට්‍රක් රථ සහ යතුරුපැදි සඳහා වර්ෂාව මඟින් ලිස්සන සුලු හා භයානක පෘෂ්ඨයන් මාර්ගය මත නිර්මාණය කරන අතර බොහෝ විට මෝටර් රථ පාලනයෙන් ඉවතට යාම හෝ තිරිංග යොදන අතරතුර ලිස්සා යාම සිදුවෙන්න පුලුවන්. මෝටර් රථ අනතුරු වළක්වා ගැනීම සඳහා, වැසි වැටෙන විට වැඩිපුර ප්‍රවේශම් වන්න. විශේෂයෙන්ම වැසිබර වෙලාවක හෝ පාරේ මතුපිට ජලය රැඳී ඇති විට, වාහන නැවැත්වීමට උවමනා උනොත් එකවරම තිරිංග යොදන්න එපා, ඔබ එසේ කලහොත් රථයේ පාලනය සම්පූර්ණයෙන්ම ඔබෙන් ගිලිහෙන්න පුලුවන්, ඒ නිසා ඔබ වරින් වර වරින් වර බ්‍රේරේක් පැඩලය පාගමින් ප්‍රවේසමෙන් තිරිංග යොදන්න බලන්න.
7. නව රියදුරන්
නව රියදුරන් සැමවිටම ප්රවේශම්කාරී රියදුරන් නොවේ. පළපුරුදු රියදුරන් සිය අත්දැකීම් මඟින් නොපෙනෙන ස්ථාන(Blind Spots) පරීක්ෂා කිරීම, සිග්නල් ලයිට් භාවිතා කිරීම සහ මාර්ග නීති අනුගමනය කිරීම වැනි ඉගෙනීම් අවසන් කර ඇති නමුත් ආධුනිකයින් තවමත් මේවා පලපුරුද්ද ලබමින් සිටිනවා. නව රියදුරන් රිය පදවන විට ඔවුන් කුමක් කළ යුතු දැයි නොදන්නා අතර අත්දැකීම් නොමැතිකම මෝටර් රථ අනතුරු වලට හේතු විය හැක. විශේෂයෙන් L බෝඩ් සහිත වාහන දුටු විට කල්පනාකාරී වෙන්න.
8. රාත්‍රී කාලයේ රිය පැදවීම
දිවා කාලයේදී රිය පැදවීම අනතුරුදායක විය හැකි නමුත් රාත්‍රියේ රිය පැදවීම අනතුරක් සඳහා ඇති ඉඩකඩ දෙගුණ තෙගුණ කරනවා. ඉදිරියේ ඇති දේ ඔබට නොපෙනෙන අතරම ඔබ ඒ දෙසට ගමන් කරන විට අපේක්ෂා කළ යුත්තේ කුමක්දැයි ඔබ නොදනියි. මේ නිසා රාත්‍රී කාලයේ ගමන් කරන විට ඔබ වටා ඇති මාර්ගය සහ මෝටර් රථ පිළිබඳ ඔබේ අවධානය ඉහළ මට්ටමක පවත්වාගත යුතු වෙනවා. ඒවගේම Head Light එක පාවිච්චි කරද්දි අනෙත් වාහන වලට බාධාවක් නොවෙන්න වග බලාගන්න. glare එක නැත්තම් අනවශ්‍ය ලයිට් එලි අඩුකරගැනීමට රාත්‍රී කාලයේ රිය පැදවීම සඳහාම තිබෙන කන්නාඩි කුට්ටමක් ඔබට පාවිච්චි කරන්න පුලුවන්.
9. අනාරක්ෂිත මංතීරු වෙනස්වීම්
බොහෝ අවස්ථාවලදී ඔබට වෙනත් මංතීරුවකට යාමට අවශ්‍ය වනු ඇත. රියදුරන් ආරක්ෂිතව මංතීරු වෙනස් නොකරන විට, රිය අනතුරකට ලක් වීමේ අවස්ථාවන් තිබෙනවා. අනතුරක් වළක්වා ගැනීම සඳහා ඔබේ වම් සහ දකුණු හැරවුම් සංඥා භාවිතා කර වම් මංතීරුව හෝ දකුණු මංතීරුව වෙත යාමට පෙර සෑම විටම බ්ලයින්ඩ් ස්පොට්ස් පරීක්ෂා කරන්න.
10. අවිධිමත් හැරවීම්
ස්ටොප් ලයිට්, සිග්නල් ලයිට් සහ දකුණට හෝ වමට ගමන් කිරීම සඳහා නම් කර ඇති මංතීරු තිබීමට හේතුව වන්නේ රියදුරන්ට මඟ පෙන්වීමයි. රියදුරන් මෙම මාර්ගෝපදේශ නොසලකා හරින විට රිය අනතුරු සිදු වෙනවා. මෝටර් රථ අනතුරු වළක්වා ගැනීම සඳහා, සෑම විටම මාර්ග සංඥා සොයා බලා ඔබ හැරීමට පෙර නිසි මංතීරුවට ඇතුළු වන්න.
11. ටේල්ගෙට් (Tailgating)
බොහෝ රියදුරන් නොඉවසිලිමත් වන අතර මේ නිසා වෙනත් මෝටර් රථයකට ආසන්නව රිය පැදවීම බොහෝවිට දකින්නට පුලුවන්. මෙය ටේල්ගේටින් නමින් හැඳින්වෙනවා. ඔවුන් ඉදිරිපස ඇති මෝටර් රථය හදිසියේම බ්රේක් ගැසුවහොත් නියමිත වේලාවට ප්‍රතික්‍රියා කිරීමට ටේල්ගෙට් කරන රියදුරන්ට නොහැකිවෙන්න පුලුවන්. සැමවිටම ඔබ ධාවනය කරන සෑම පැයට KM 10 ක වේගයක් සඳහාම ඔබ ඉදිරිපිට ඇති මෝටර් රථය අතර එක් කාරයක දිගකින් දුරක් පවත්වාගන්න. අධික වේගයෙන් ටේල්ගේට් කිරීම සහ ට්‍රැෆික් ලයිට් වල නිවැරදි මොහොතේ නතර කිරීමට නොහැකි වීම නිසා බොහෝ මාරක රිය අනතුරු සිදුවෙනවා.
12. වළවල්
පාරේ ඇති වලවල් ඉතා භයානක විය හැකි අතර ඔබ මාර්ගයට අවධානය යොමු නොකරන්නේ නම් වළවල් නිසා සැලකිය යුතු හානියක් සිදුවෙන්න ඉඩකඩ තියෙනවා. මෙම වළවල් හරහා රිය පැදවීමේදී රියදුරන්ට තම මෝටර් රථයේ පාලනය අහිමිවීමේ හෝ ටයරයක් පුපුරා යාමේ අවධානමක් තියෙනවා. ඔබ රිය පදවන මාර්ගයේ වළක් දුටුවහොත්, ඔබේ ටයර් ඒ හරහා ධාවනය නොවන බවට වග බලා ගැනීමෙන් ඔබට රිය අනතුරක් වළක්වා ගත හැකියි.
13. නිදිමතින් රිය පැදවීම
වෙහෙසට පත්ව රිය පැදවීම නීතියට පටහැනි නැති නමුත් මෙය බීමතින් රිය පැදවීම තරම්ම භයානක ක්‍රියාවක්. නිදිමතින්/ විඩාපත්ව රිය පැදවීම නිසා සිදුවන රිය අනතුරු බොහොමයක් සිදුවන්නේ රාත්‍රි කාලයේදී. දැඩි නිදිමතක් සහිතව නිදා ගැනීමට අවශ්‍ය යැයි ඔබට දැනෙනවා නම්, එයට එරෙහිව සටන් කිරීමෙන් වළකින්න. වාහනය නැවැත්වීමට ආරක්ෂිත ස්ථානයක් සොයාගෙන පොඩි නින්දක් (power nap) ලබාගන්න.
මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වෙනත් ප්‍රයෝජනවත් උපදෙස්:
- සවස් යාමයේ, අලුයම සහ වැසි කාලවලදී රිය පැදවීමේදී ඔබේ මෝටර් රථයේ විදුලි පහන් දල්වන්න.
- ඔබේ මෝටර් රථය නියමිත වේලාවට පරීක්ෂා කරන්න. එහි ටයර්, බ්රේක්, විදුලි පහන් සහ සයිඩ් මිරර්ස් නිරන්තරයෙන් පරීක්ෂා කරන්න.
- ඔබේ මෝටර් රථයේ සීමාවන් පිළිබඳව පැහැදිලි අදහසක් ලබා ගන්න. (බ්රේක් ගැසිය යුත්තේ කොපමණ දුරකින්ද ආදිය)
- ඔබේ වාහනය හොඳ තත්ත්වයේ තබා ගන්න.
|
මේ වගේ තවත් ආටිකල් කියවන්න – CLICK HERE
|
ඔබේ මිතුරන්ටත් මේ ලිපිය වැදගත්වෙයි කියල හිතනවනන් පහලින් තියෙන සෝශල් මේඩියා බටන් වලින් ශෙයා කරන්න අමතක කරන්න එපා 🙂
|
ඔයාලත් වාහනයක් ගන්න හරි විකුණන්න හරි ඉන්නවනන් careka.lk එකෙන් ලේසියෙන් කිසිම අමතර ගාස්තු නැතුව වැඩේ කරගන්න පුලුවන් – දැන්ම වෙනස බලන්න. CLICK HERE